බ්‍රිතාන්‍ය රාජකීය සමාජයට තවත් ශ්‍රී ලාංකිකයෙක්

Wednesday, 29 May 2019 - 16:01

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන කුමාර් වික්‍රමසිංහට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැඳුම්ලත් බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමිවී තිබෙනවා.

ඔහු මෙම සමාජයට එක්වන දෙවන ශ්‍රී ලාංකිකයායි.

මීට පෙර සාර්ස් වෛරසය හඳුනාගත් මහාචාර්ය මලික් පීරිස්ට එම සාමාජිකත්වය හිමිවූ බව බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.

බ්‍රිතාන්‍ය රාජකීය සමාජය දැනට ලොව ක්‍රියාත්මක පැරණිතම විද්‍යා සංගමය වන අතර, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්, චාල්ස් ඩාවින් සහ ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් එහි සාමාජිකත්වය දැරුවා.

භෞතික සහ විදුලි ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන් මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ කළ සේවය සළකමින් ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

නැනෝ තාක්ෂණික විද්‍යාගාරවල දැනට භාවිත කෙරෙන අනුක අන්වීක්ෂ නිෂ්පාදනය කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නියමයන් ඉවහල්වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories