කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 238 දක්වා ඉහළට

Wednesday, 29 May 2019 - 19:07

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+238+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ස්වාධීන මණ්ඩලයක් හමුවේ පමණක් කරුණු දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව අද වනවිට 238 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට මේ වනවිට පැමිණිලි 202 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, අද දිනය තුළ පමණක් පැමිණිලි 82ක් ඉදිරිපත් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව දඹුල්ල මූලික රෝහලට සහ ගලේවෙල දිසා රෝහලටද පැමිණිලි 36ක් ඉදිරිපත්ව තිබෙනවා.

පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කුරුණෑගල රෝහලට අද දිනයේ පැමිණි මව්වරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ අතර, අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයන් පිරිසක් අද රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.  

එමෙන්ම වෛද්‍යවරයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ අතර, එහි සාමාජිකයින් මේ වනවිට ඊට අදාළ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කමිටුවට කිසිදු සහයක් නොදැක්වීමටයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය ඊයේ තීරණය කර තිබුණේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවින් ද සොයිසා, කොළඹ අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකින් අනරතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව තම සංගමයද ප්‍රතික්ෂේප කරන බවයි.   

මේ අතර වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අසාධාරණයට ලක්ව සිටින මව්වරුන් හට නීති ආධාර ලබාදීමට ලීගල් ඇක්ෂන් සංවිධානය තීරණය කර තිබෙනවා.  



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories