මෝදිගේ දිවුරුම්දීම පස්වරුවේ

Thursday, 30 May 2019 - 7:42

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නව අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ දිවුරුම් දෙනවා. ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන නවදිල්ලි නුවර පිහිටි  රාෂ්ඨපති භවන් හි දී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙනු ඇති.

ජනපති නිල නිවසට ඉහළ ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති අතර, දිවුරුම් දීම සිදුවන්නේ ඉන්දිය ජනපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේයි.

අදියර 7 ක් යටතේ අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවති ඉන්දීය මහ මැතිවරණය සැළකෙන්නේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවති විශාලතම මැතිවරණය ලෙසයි.

එහි ප්‍රතිඵල පසුගිය 23 වනදා නිකුත් කෙරුණු අතර, මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතිය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එහිදී ආසන 300 කට වැඩි ප්‍රමාණයක් හිමිවුණා.

මෝදි පළමුවරට ඉන්දීය අගමැති ධුරයට පත්වූයේ 2014 වසරේ මහ මැතිවරණයෙන්.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, නේපාලය සහ භූතානය නියෝජනය කරමින් රාජ්‍ය නායක නායිකාවන් මෝදිගේ දිවුරුම්දීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස එක්වනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට මෙම උත්සවයට ඇරයුම් කර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories