මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට එක්වීමට ජනපති දිවයිනෙන් පිටත් වෙයි

Thursday, 30 May 2019 - 8:37

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ උදෑසන  8.20 ට පමණ ඉන්දියන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

ජනාධිපතිවරයා සමඟ 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ඨපති භවන් හි දී අද රාත්‍රී 7ට මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට අමතරව බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, නේපාලය සහ භූතානය රාජ්‍ය නායකයින්ට මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයින්, කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුලූ 8,000 ක පිරිසකට මෙම උත්සවය සඳහා ආරාධනා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories