දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය ලබන මස 1 වනදා සිට ඇරඹේ

Thursday, 30 May 2019 - 10:45

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+1+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නවතා දැමුණු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය ලබන මස පළමු වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දිවයින පුරා සියලූ ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය මේ අනුව සිදුකරන බවයි.

පසුගිය මස 22 වනදා සිට රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය නතර කෙරුණා.

මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories