ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරලී රියදුරුට බරපතලයි

Friday, 31 May 2019 - 15:47

%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රාගල - මහනුවර ප්‍රධාන මාර්ගයේ වලපනේ, මහාඌව මහා වංගුව ප්‍රදේශයේදී ටිපර් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

අද (31) පෙරවරුවේ සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සදහා වලපනේ රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු නුවරඑළිය මහා රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

හැටන් සිට රිකිල්ලගස්කඩ දක්වා ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වලපනේ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories