අතුරුගිරියේ ෆේස්බුක් සාදයක් - තරුණ තරුණියන් 37 ක් අත්අඩංගුවේ

Saturday, 01 June 2019 - 18:59

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අතුරුගිරිය - කහන්තොට ප්‍රදේශයේ නිවසක් තුළ පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය පානය කර සිටි තරුණ තරුණියන් 37 දෙනෙකු බත්තරමුල්ල සුරාබදු ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයින් 31 දෙනෙකු සහ තරුණියන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි.

පිලියන්දල, කැස්බෑව, කඩුවෙල සහ ජා-ඇල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 21 ත් අතර තරුණ තරුණියන් පිරිසකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තරුණියන් ඇප මත මුදා හැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories