සහරාන්ට සහය දුන්, සන්නිවේදන ඉංජිනේරුවෙක් දෙහිවලදී අල්ලයි

Sunday, 02 June 2019 - 15:37

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජාතික තව්හිද් ජමාත් සංවිධානයට මුදල් ඇතුළු ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු දෙහිවල - කවුඩාන පාර ප්‍රදේශයේ නිවසක දී හොරොව්පතාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අබ්දුල් මජීඞ් නියාස් නැමති පුද්ගලයාගෙන් ලද තොරතුරකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

53 හැවිරිදි මොහොමඩ් සහීන් නසුර්දීන් නැමති අදාළ පුද්ගලයා සන්නිවේදන ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බව සඳහන්.

එම පුද්ගලයා කැනඩාවේ සහ සෞදි අරාබියේ වසර 5 බැගින් සේවය කර ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

මේ අතර, යුද හමුදා බුද්ධි බලකායේ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනුණා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි මුහම්මදු නිසාර් ඉම්රාන් හෙවත් ජෝන් වෝක් නැමැත්තෙක්.

මොහු සතුව තිබී ජංගම දුරකථනයක්, කැමරා, ඩ්‍රෝන යානාවක්, යුද හමුදාව භාවිත කරන ටීෂර්ට් 3 ක්, ලැප්ටොප් යන්ත්‍ර 2 ක් සහ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ලැප්ටොප් පරිගණකයක රජයේ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ගේ තොරතුරුද ඇතුළත්ව තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් මුලා කරමින් විවිධ නම්වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල යෙදෙන බවට සැකපිට අත්අඩංගුවට ගත් අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට භාරදී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories