කහ ඉරක් මත සිසුවියන් දෙදෙනෙකු යටකළ දරුණු අනතුර

Monday, 03 June 2019 - 12:35

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව මහා විද්‍යාලය අසල පදික මාරුව මතදී අද (03) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවියන් දෙදෙනකු සහ ඇතිලිවැව විද්‍යාලයේ සේවය කරන කාර්යාල සහයිකාවක තුවාල ලබා තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක්, කහ ඉර මතින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි මෙම පිරිස අනතුර ලක්කර ඇති බව සඳහන්.
 
අනතුර සිදුවීමත් සමග පොලිසිය නිසි පරිදි රාජකාරි ඉටු නොකරන බව පවසමින් සහ එම රියදුරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව මාර්ගය අසලට පැමිණ විරෝධතාවක නිරත වුණා.
 
ඔවුන් එම ලොරි රථය මාර්ගයේන් ඉවත් කිරීමට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඇතිලිවැව මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියන් දෙදෙනකු සහ එමපාසලේම කාර්යාල සහයිකාවක බව පොලිසිය පවසනවා.

ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ දී ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories