රතන හිමියන්ගේ ගැටළුවට මැදිහත් වන්නැයි අස්ගිරි - මල්වතු නාහිමිවරුන්ට ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

Monday, 03 June 2019 - 13:06

%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා මැදිහත්වන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන්ගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි මහා විහාරයේදී ඊයේ උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ද එක්ව සිටියා.  

මේ අතර බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අද බැහැදුටුවා.

රටේ වර්තමාන තත්වය සහ පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, පොසොන් උත්සවය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කළ බවයි  අමාත්‍යවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories