ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි

Monday, 03 June 2019 - 13:21

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාල ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දී ඇති අතර එම ලිපි භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමක් පැවැත්වුණා.

ඉන් අනතුරුව ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිය ධුරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දැනුවත් කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ සාකච්ඡාවකින් අනතුරුව උපවාසය අත්හරින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories