"අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්" ඇමති මංගලගෙන් තවත් ප්‍රකාශයක්

Monday, 03 June 2019 - 15:26

%22%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%22+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හුඟ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳවද යම් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම එම ස්ථානයට පැමිණිම සම්බන්දයෙනුයි.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමිගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණිම බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සලන බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්...







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories