රාවණ වන් - 17 පෘථිවි කක්ෂයේ

Wednesday, 05 June 2019 - 7:33

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+-+17+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A
මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ ‘‘රාවණ - වන් ’’ චන්ද්‍රිකාව මේ මස 17 වනදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් ජපානයේද සහයෝගය මත කි්‍යුෂු සරසවියේදී නිර්මාණය කළ රාවණ - වන් නැනෝ චන්ද්‍රිකාව මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙනවා.   

ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ - වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1. 1 ක බරකින් යුක්තයි.

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ - වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.

රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories