ආරක්ෂාව මැද මුස්ලිම් ජනතාව රාමසාන් සමරයි

Wednesday, 05 June 2019 - 12:53

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පුරා මාසයක කාලයක් ආරක්ෂා කළ උපවාසය නිමා කරමින් මුස්ලිම් ජනතාව අද ඉතා චාම් අයුරින් රාමසාන් උත්සවය සමරනු ලබනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පැවැත්වෙන පළමු රාමසාන් උත්සවය මෙය වන අතර, දිවයින පුරා මුස්ලිම් දේවස්ථානය වෙත විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

මෙවර රාමසාන් උත්සවය චාම් අයුරින් සමරන ලෙසට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.

ඒ අනුව, සෑම වසරකම කොළඹ - ගාලූමුවදොර පිටියේදී සිදුකෙරෙන රාමලාන් උත්සව නැමදුම, අද දිනයේ නොපැවැත්වුණු බවයි දවටගහ - ජුම්මා මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශ කළේ.

අලූත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඉස්ලාම් ජනතාව අද අලූයම සිට රාමසාන් උත්සවය චාම් අයුරින් සමරමින් සිටිනවා.

මහනුවර, අකුරණ, මඩවල සහ තැන්නෙකුඹුර යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සැමරීම සදහා තම දේවස්ථාන වෙත රැස්වී සිටි බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සදහන් කළේ.

මීට අමතරව, මඩකලපුව - කාත්තන්කුඩි බදුරියා ජුම්මා සුෆීවරුන්ගේ දේවස්ථානයේ ද රාමසාන් උත්සවය අද සමරනු ලැබුවා.

දේවස්ථානයේ පවත්වන ලද අවුරුදු සලාතයට වැඩි ජනකායක් සහභාගි වූ අතර, කාන්තාවන් සාම්ප්‍රදායික ඇදුමින් සැරසී සලාතය ඉටු කිරීම විශේෂත්වයක්.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑම් වලින් මිදී නිදහස්ව මෙවර රාමසාන් උත්සවය සැමරීමට ලැබීම භාග්‍යයක් බවයි එම දේවස්ථානයේ පූජක ජහානි රබ්බානි මව්ලවිතුමන් කියා සිටියේ.

මීට අමතරව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ද දේවස්ථාන වෙත ගොස් යාච්ඥාවල නිරත වෙමින් ආගමික වතාවත්වල නිරත වන බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories