දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළුව රාජ්‍ය සේවයේ ගැටළු ජනපතිගේ අවධානයට

Wednesday, 05 June 2019 - 17:44

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ක්ෂේත්‍ර ඇතුළු රාජ්‍ය අංශයේ සියලූ ක්ෂේත්‍රවල පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි 01 වන දිනෙන් පසු පත්වීම් ලැබු පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමි වීම, රාජ්‍ය සේවයේ දින 180ට වඩා සේවය කර ඇති අනියම් / ආදේශක සහ තාවකාලික සේවකයන් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සහ රාජ්‍ය සේවකයින්ට දෙවන භාෂා කඩඉම් පරික්ෂණය සමත්වීම පිළිබඳ  විභාගයේ දී පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළේ මෙම ගැටලූ සඳහා විසදුම් ලබාදීමට සිදුකළ හැකි උපරිම මැදිහත්වීම තමා සිදු කරන බවයි.

සෑම වෘත්තීය සමිතියකටම ඇති ගැටළු ඊට අදාළ අදහස් සහ යෝජනා ලිඛිතව කඩිනමින් තමන් වෙත යොමු කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කර ඉදිරි පියවර සොයා බලන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ක්‍ෂේත්‍රය ඇතුලූ රාජ්‍ය අංශයේ සියලූ ක්‍ෂේත්‍රවල පවතින ගැටළු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි 1 වන දායින් පසු පත්වීම් ලැබූ පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමිවීම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය ජනපතිගේ අවධානය යොමුකර තිබෙනවා.

සෑම වෘත්තිය සමිතියකටම ඇති ගැටළු ඊට අදාළ අදහස් සහ යෝජනා ලිඛිතව කඩිනමින් තමන් වෙත යොමුකරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories