හදිසි නීතිය යටතේ ෆුල්ෆේස් හෙල්මට් පළදින්නන් අත්අඩංගුවට ගත හැකියි - නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

Thursday, 06 June 2019 - 11:29

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට රට තුළ ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි යටතේ මෙය සිදුකළ හැකි බවයි සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයේ 32 - ඒ වගන්තියෙන් ඊට අදාළ ප්‍රතිපාදන ලැබී ඇති බවට  එමඟින් නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

මීට අමතරව 2017 වර්ෂයේ පෙබරවාරි මස 23 වනදා නිකුත් කළ 2007 / 39 දරණ ගැසට් නිවේදනයෙන්ද මේ සඳහා ප්‍රතිපාදන පවතින බවයි නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories