කළු අජිත් ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සී.සී.ටී.වී පරීක්ෂණ ඇරඹේ

Thursday, 06 June 2019 - 12:59

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික අජිත් කුමාර හෙවත් කළු අජිත්ට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිද්ධිය වූ ස්ථානය අවට ප්‍රදේශයේ පවතින සී සී ටී වී දර්ශන උපයෝගී කරගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා.

ජාඇළ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.

කළු අජිත් නැමැත්තාගේ මිතුරෙකුගේ නිවසක් ආසන්නයේදී ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්.

මිනුවන්ගොඩ - පත්තකඩුවන ප්‍රදේශයේ පදිංචි කළු අජිත්ට මිනුවන්ගොඩ, පොලොන්නරුව සහ අත්තනගල්ල අධිකරණවලින් වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැර සිටි අයෙක්.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාඇළ - කපුවත්තේදී රසිකා රොයෙල් නැමති කාන්තාව ඝාතනයට ලක්වූයේද මිනුවන්ගොඩ කළු අජිත් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයකින්.

මේ අතර ස්ථාන දෙකක අද පුද්ගල ඝාතන සිදුව තිබෙනවා.

එක් ඝාතනයක් තිස්සමහාරාම - කොඩිගහවැව - ජූල්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු 44 ක් වයැසති පුද්ගලයෙක්.

මොහු සාදයකට සහභාගිවී යළි නිවස වෙත පැමිණෙමින් සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුව අසළදී මෙම පහරදීම සිදුව ඇති අතර මොහුට 2016 වසරේදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවනවා.

එමෙන්ම අනෙත් ඝාතනය පූගොඩ -  ඕවිටිගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර තිබුණේ 42 හැවිරිදි පුද්ගලයෙක්. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories