නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාව යාමට තැත්කළ පිරිස යළි රිමාන්ඩ්

Thursday, 06 June 2019 - 13:26

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 29 දෙනා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හලාවත මුහුදු වෙරළින් බහුදින යාත්‍රාවක නැගී  ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 41 දෙනෙකු නාවික හමුදාව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 29 දෙනෙකු අද දක්වා රිමාන්ඩ් කෙරුණා.

මෙම පිරිස අතර සිටි බාලවයස්කාර ළමයින් 08 දෙනා මුදාහැරි අතර කාන්තාවන් 04 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories