ඇමති රවීගේ දියණියගෙන් CIDයට පැය 5ක ප්‍රකාශයක්

Thursday, 06 June 2019 - 16:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පසුගිය මස 30 වනදා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීනීතිඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් සහ ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ බවයි.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා.

එසේම අමාත්‍ය රවී කරුණානායක සහ එම පවුලේ සාමාජිකයින්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්ෆොටේෂන් සමාගමේ ආදායම්, වියදම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය මගින් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායකට නියම කර ඇතත්, එම වාර්තා භාර දී නොමැති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ.

එම වාර්තා භාරදීම සම්බන්ධයෙන් ඔනෙලා කරුණානායක උනන්දුවක් දක්වන ආකාරයක් නොපෙනෙන බවත්, අදාළ වාර්තා නොමැතිවීමෙන් පරීක්ෂණ කටයුතු අඩපණ වී ඇති බවත් ඇය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories