යමක් සිදුවිය හැකි බව දැන සිටියේ යැයි පූජිත් ජයසුන්දර සාක්ෂි දෙමින් කියයි

Thursday, 06 June 2019 - 19:13

%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදුවූ දිනයේ උදෑසන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා යමක් සිදුවිය හැකි බවට දුරකතනයෙන් අමතා තමාව දැනුවත් කළ බව දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර, අද ප්‍රකාශ කළා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පොලිස්පතිවරයාට අමතරව අද දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුද මෙම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සහ  ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මීට පෙර තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories