පොලිස්පති පූජිත්ගේ පෙත්සම යළි සලකා බැලීම ජුනි 24 වන දා

Friday, 07 June 2019 - 10:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+24+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය මැයි මස 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

 ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

පෙත්සම අද කැදවූ අවස්ථාවේදී බුවනෙක අලූවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ එය මේ මස 24 වන දා යළි සලකා බැලීමටයි.

 ඒ, ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව අනාවරණ වීම හේතුවෙන්.  

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුව පසුගිය මස 29 වනදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබුවා.

ඒ අනුව ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද හිමිව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories