නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ, පොදු ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙයි

Friday, 07 June 2019 - 12:55

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ අද පැවති පස්වන සාකච්ඡාව මේ වන විට අවසන් වී තිබෙනවා.

එහිදී පොදු ප්‍රතිපත්ති මාලාවකට දෙපාර්ශවයේ එකඟතාව හිමි වූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද පෙරවරු 10.15ට පමණ එම සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එක්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඊට එක්වුණේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තයි.

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා පැවැත්වෙන මෙම සාකච්ඡා මාලාවේදී අරමුණ වන්නේ ඉදිරි මැතිවරණයකදී පක්ෂ දෙක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමයි.

මෙහි පළමු සාකච්ඡාව පසුගිය මාර්තු 14 වන දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණු අතර, මීළඟ සාකච්ඡා වටය මේ මස 17 වන දා පැවැත්වීමටයි අද පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories