සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් කතානායකවරයාට සංදේශයක්

Friday, 07 June 2019 - 14:46

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය ඇතුළත් සංදේශයක් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද (07) කතානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා.

කරුණු 18 කින් යුතුව සකස් කර ඇති මෙම සංදේශය කතානායකවරයා වෙත අද (07) භාරදී ඇත්තේ එම ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින්.

ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමේ අරමුණෙන් මෙම සංදේශය සකස් කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සඳහන් කළා.

මෙම සංදේශය පාර්ලිමේන්තුවේ අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහිලා ක්‍රියාත්මක ආංශික අධීක්ෂණ කාරක සභාවල පූර්ණ අවධානයට යොමුකරන බවයි එය භාර ගනිමින් කතානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories