අසල්වැසියාට ප්‍රමුඛත්වය - ශ්‍රී ලංකා සංචාරයට මෝදිගෙන් පෙරවදනක්

Saturday, 08 June 2019 - 12:50

%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ තමා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පවසනවා.

ඔහු අද මාලදිවයින බලා යන අතර හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

සිය සංචාරය ආරම්භ කිරීමට පෙර අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශවික සබදතා මෙම සංචාරයෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය අසල්වැසි රටවල සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ සාමුද්‍රික අසල්වැසියන් වන මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමඟ සුහද සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදීම මෙන්ම කලාපීය ආරක්ෂාව සහ වර්ධනය සඳහා වූ දැක්ම මත පදනම්ව මෙම සංචාරයේ නිරත වන බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාව මුහුණ දුන් කුරිරු ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ඉන්දියාව, ශ්‍රී ලංකාව කෙරෙහි සහෝදරත්වය, පළ කරන බව ද අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කරන සටනට ඉන්දියාවේ පූර්ණ සහය හිමි වන බවයි ඔහු අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා පසුගිය වසර කිහිපය තුළ බෙහෙවින් ශක්තිමත් වූ බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අග්‍රාමාත්‍ය මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝක්ලේ කියා සිටියේ අග්‍රාමාත්‍ය මෝදිගේ සංචාරයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිත බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories