විසිපන් දහසේ වැඩි කළ දඩ එළැඹෙන සතියේ සිට

Sunday, 09 June 2019 - 6:50

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%91%E0%B7%85%E0%B7%90%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
රථවාහන වැරදි 06 ක් සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට අදාළව පාර්ලිමේන්තුවේදී සම්මත වූ මෝටර් වාහන පනතට සිදුකළ සංශෝධන එළැඹෙන සතියේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

මෙමගින් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරි ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සදහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවෙනු ඇති.

එමෙන්ම, එමගින් බීමත්ව රිය පදවා සිදුකරන අනතුරුවලින් සිදුවන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ 50,000 දක්වා අය කරන අතර, අවුරුදු දෙකකට නොඅඩු සිරදඩුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය කිරීමට දඩුවම් ලෙස වේග කාණ්ඩ 4 ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25,000 දක්වා පරාසයකයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories