පාතාල සාමාජික කළු අජිත්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 09 June 2019 - 8:56

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටිරෝන් ජානක හෙවත් ජානක නැමැත්තා මෙලෙස ඒකල - මඩම පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පාතාල සාමාජික කළු අජිත්ට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය ඔහු විසින් පදවා ඇති බවයි.

එමෙන්ම මිනුවන්ගොඩ - හීනටිහේන ප්‍රදේශයේ සංඛ නමින් හඳුන්වන පාතාල සාමාජිකයෙකු විසින් කළු අජිත්ට වෙඩි තැබීම සිදුකර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදාගන්නා ලද ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 20 ක්, පතොරම් ගැබක් සමඟින් ඒකල - මඩම ප්‍රදේශයේ වගුරුබිමක තිබියදී සොයාගැනුනා.

පසුගිය පස්වනදා රාත්‍රියේ ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත්ට වෙඩි තබා ඝාතනය කර තිබුණා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories