මංතීරු නීතිය අද සිට දැඩිවෙයි

Monday, 10 June 2019 - 7:34

%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මංතීරු නීතිය අද (10) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මංතීරු නීතියට අනුගතවීම සඳහා සති දෙකක සහන කාලයක් පසුගිය 27 වනදා සිට ලබාදුන් අතර, ඒ අනුව අද (10) සිට දිවයින පුරා මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ත්‍රිරෝද රථ හේතුවෙන් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරිමේදී ගැටළු මතුවන බවයි.

එමෙන්ම මං තීරු නීතිය ක්‍රියාත්මක වීම තම ප්‍රවාහන ක්ෂේත්‍රයට ගැටළුවක් නොවන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළා.

මේ අතර, රථ වාහන ධාවනයේදී රියදුරන් සිදුකරන වැරදි සදහා මෙතෙක් පැවති දඩ ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට ද  පාර්ලිමේන්තුවේදි පසුගියදා සම්මත වුණා.  

ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරි ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සදහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම බීමතින් රිය පදවා සිදුකරන අනතුරුවලින් සිදුවන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ 50,000 දක්වා වැඩි කර ඇති අතර, අවුරුදු දෙකකට නොඅඩු සිරදඬුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද පියවර ගැනෙනු ඇති.

අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ වරදට වේග කාණ්ඩ 04 ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25,000 දක්වා පරාසයකයි.


    




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories