කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගිය 41 ක් දිවයිනට

Monday, 10 June 2019 - 10:59

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A++%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+41+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි 41 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියා.

මොවුන් පසුගිය මස 31 වනදා කුවේට් රාජ්‍යය වෙත ගොස් ඇත්තේ ආහාර නිෂ්පාදන ආයතනයක බෙදාහැරීමේ අංශයේ යතුරුපැදි ධාවකයන් ලෙසයි.

ඔවුන් නවාතැන් ගෙන සිට පැරණි නවාතැන වෙත පැමිණි එරට රැකියා නියෝජිත පිරිසක් මොවුන්ට අලූත් නවාතැනක් සූදානම් කර ඇති බැවින් එම ස්ථානය වෙත රැගෙන යන බව පවසා බස් රථයක නංවාගෙන කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් මෙම පිරිස බස්සවා පළාගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව මොවුන් මෙරටට රැගෙනවිත් ඇති බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පැමිණි පිරිස අතර ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 12 දෙනෙකු ද ඇතුලත් වන අතර අනෙක් තරුණයින් මහනුවර, මන්නාරම, යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories