සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් - පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Tuesday, 11 June 2019 - 7:03

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.
 
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල අද (11) දිනයේදී විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින හරහා, විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (11) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories