කළු අජිත් ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘‘හීනටියන සංඛ’’ අත්අඩංගුවට

Wednesday, 12 June 2019 - 14:40

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E2%80%99%E2%80%99+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කාලිංග කසුන් කුමාරසිංහ සිල්වා හෙවත් හීනටියන සංඛ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

මීට පෙර මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ටිරෝන් ජානක නැමති සැකකරුවෙකු ඒකල - මඩම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහු පසුව පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදෙනු ලැබුවා.

ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික කළු අජිත් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය පස්වනදා රාත්‍රියේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories