වවුනියාවේ අනතුරකින් තරුණයෙකු මරුට

Thursday, 13 June 2019 - 8:01

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වවුනියාව, කට්පහපුරම් ප්‍රදේශයේදී ඊයේ (12) සවස ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
 
මේ අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථය පදවා ගෙන ගිය වවුනියාවේ පත්තිනිමහිලන්කුලම් ප්‍රදේශයේ පදිංචි ශිවපෙරුමාල් ගජේන්ද්‍රන් හෙවත් ''කජා'' යනුවෙන් හදුන්වනු ලබන විසි පස් හැවිරිදි තරුණයෙක්.
 
මෙම තරුණයා වවුනියාවේ සිට පූවරසන්කුලම දෙසට ඔහුගේ ත්‍රී රෝද රථය පදවා ගෙන යමින් සිටියදී මන්නාරම දෙසින් පැමිණි වෑන් රථයක ත්‍රී රෝද රථය ගැටීම මෙම අනතුර සිදුව තිබෙනවා.
 
අනතුරෙන් මොහු බරපතල ලෙස තුවාල ලබා සිටියදී වවුනියාව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළද ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.
 
වවුනියාව පූවරසන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories