ඡන්දය ප්‍රතික්ෂේප කිරීමට ඡන්ද පත්‍රිකාවේ විකල්පයක්

Sunday, 16 June 2019 - 12:46

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැතිවරණයකදී ඡන්ද දායකයාට කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට අවස්ථාවක් සැළසීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් අතර,  පසුගිය අඟහරුවාදා පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් වන්නේ ඡන්ද පත්‍රිකාවේ ඒ සඳහා වෙනම තීරුවක් වෙන් කිරීමටයි.

ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂවල නම් ලැයිස්තුවට පහළින් ඉහත සඳහන් කිසිවෙකු නොවේ යන තීරුවක් ඇතුළත් කිරීමටයි සැළසුම් කෙරෙන්නේ.

ඉන්දියාව දැනටමත් එම විකල්පය අත්හදා බලා තිබෙනවා.

මැතිවරණයකදී ඉදිරිපත්වන සියලූ පක්ෂවලට සිය අකමැත්ත පළ කිරීම සඳහා ඡන්ද දායකයන් ඡන්ද පත්‍රිකාව කපා හැරීම බොහෝවිට දක්නට ලැබෙන සිදුවීමක්.

එහිදී ඡන්ද පත්‍රිකා රැසක් ප්‍රතික්ෂේපිත ඡන්ද අතරට එක්වනවා.

ඒ වෙනුවට ඡන්ද දායකයාගේ කැමැත්ත නිසි පරිදි ප්‍රකාශ කිරීම සඳහා නව විකල්පය යෝජනා වී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories