ශ්රී ලංකාව අත්පත් කර ගත යුතු බවට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් මුලින්ම ප්රකාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවිවරයා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.
තේරීම් කාරක සභාවේ සාමාජික දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්දිරන් ඔහුගෙන් ප්රශ්ණ කළ අතර එහිදී වැඩිදුරටත් ප්රකාශ කළේ මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කළ යුතු බවට සහරාන් අවස්ථා 03කදී ප්රකාශ කළ බවයි.
මේ අතර පාස්කු ඉරිදා ප්රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 2කට යලි රැස්වීමට නියමිතයි.
එහිදී මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්රගතිය සමාලෝචනය කිරීමටයි නියමිතව ඇත්තේ.

Follow US
Most Viewed Stories