හක්බෙල්ලන් 4017 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 19 June 2019 - 13:27

%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+4017+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තලෙයිමාන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් හක්බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හක්බෙල්ලන් 4017 දෙනෙකු සොයා ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.

ඊයේ දිනයේදී කැබ් රථයකින් තලෙයිමන්නාරමේ සිට පේසාලේ දක්වා හක්බෙල්ලන් 1645 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් හක්බෙල්ලන් 2372 දෙනෙකු සොයා ගැණුනා.

51 හැවිරිදි සැකකරු පේසාලේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර හක්බෙල්ලන් තොගය සමග ඔහු මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories