යාල මුහුදේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මරුට - අසාධ්‍ය මව අම්පාර රෝහලේ

Sunday, 23 June 2019 - 18:51

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කිරින්ද - යාල මුහුදු තීරයේදී රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටියදී මව සමඟ බේරා ගත් 05 හැවිරිදි අනෙක් දියණිය ද අද (23) පස්වරුවේ මිය ගියා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන 33 හැවිරිදි මව දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  අම්පාර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හම්බන්තොට සහ තිස්සමහාරාම යන රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙනුයි ඇය මෙලෙස අම්පාර මහරෝහලට මාරු කර යවා ඇත්තේ.

මීට පෙර රළ පහරට හසුව ගසාගෙන ගිය මෙම පවුලේම 38 හැවිරිදි පියා සහ 7 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්වුණා.

කිරින්ද - යාල මුහුදු තීරයට පැමිණි පිරිසක් සමඟ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මුහුදු රළ පාගමින් විනෝද වෙමින් සිටියේ අද (23) උදෑසන 7.30ට පමණයි.

එහෙත් අනපේක්ෂිත ලෙස එක්වරම පැමිණි සැඬ රළ පහරකට කුඩා දියණියන් දෙදෙනා සහ පියා හසුව තිබුණා.

මෙම සිද්ධිය දුටු මව ඔවුන් බේරා ගැනීම සඳහා උත්සාහ කළ නමුත් එහි ප්‍රතිඵලය වූයේ සිව් දෙනාම සැඬ පහරට හසුව ගසාගෙන යාමයි.

මොවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මුහුදු තීරයේ සිටි පිරිසක් ගනු ලැබූ උත්සාහයට අනුව සිව් දෙනාම වෙරළට රැගෙන ඒමට සමත් වූ අතර, ඒ වන විටත් මොවුන් බරපතල තත්ත්වයේ පසුවූ බවයි ප්‍රදේශවාසියෙකු සදහන් කළේ.

පසුව මොවුන් දෙබරවැව රෝහලට සහ කිරින්ද යන රෝහල්වලට ඇතුළත් කෙරුණු අතර එහිදී පියා සහ එක් දියණියක් පෙරවරුවේම මිය ගියා.

පසුව පස්වරුවේ අනෙක් දියණිය මිය ගිය අතර, මව මේ වන විට පසුවන්නේ අම්පාර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

මොවුන් හැටන් - සාත්තු නිවාස පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.  මව සේවය කරන පෞද්ගලික බැංකුවක් සංවිධාන කළ වාර්ෂික විනෝද චාරිකාවකට පසුගිය සිකුරාදා එක්වූ අවස්ථාවේදියි ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙනු ලැබුවේ.  

මෙම පිරිස චාරිකාවේ පැමිණ නවාතැන් ගෙන සිටි හෝටලයේ හිමිකරු රැල්ල පෑගීම සඳහා එම ප්‍රදේශයට නොයන ලෙසට දැනුම්දීමක් ද කර තිබූ බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories