යාල මුහුදේදී රළ පහරට හසුවූ මව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

Monday, 24 June 2019 - 7:22

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A
කිරින්ද - යාල මුහුදු තීරයේදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් බේරාගත් මව, තවදුරටත්  අම්පාර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇයට අවශ්‍ය ප්‍රතිකාර උපරිමයෙන් සිදුකරන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

34 හැවිරිදි මෙම මව දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවුණේ හම්බන්තොට සහ තිස්සමහාරාම රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන්.

කිරින්ද - යාල මුහුදු තීරයට පැමිණි පිරිසක් සමඟ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මුහුදු රළ පාගමින් විනෝද වෙමින් සිටියේ ඊයේ උදෑසන 7.30ට පමණයි.

රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි මොවුන් බේරාගැනීම සඳහා මව උත්සාහ කළ අවස්ථාවේදී ඇයද දියරළකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. පසුව  එම ස්ථානයේ සිටි පිරිසගේ මැදිහත්වීමෙන් මොවුන් බේරාගෙන දෙබරවැව සහ කිරින්ද රෝහල්වලට ඇතුළත් කෙරුණා.

එහිදී 38 හැවිරිදි පියා සහ හය හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වුණා. පසුව සිව් හැවිරිදි බාල දියණියද මියගොස් තිබුණා.

දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවගේ තත්ත්වය අසාධ්‍ය බැවින් අම්පාර මහ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කරනු ලැබුවේ.  

මොවුන් හැටන් - සාත්තු නිවාස පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories