හකීම්ගේ අයි එස් ප්‍රකාශයට දේශපාලන පක්ෂවල විරෝධය

Tuesday, 25 June 2019 - 12:48

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සිදුකළ ප්‍රකාශයට දේශපාලන පක්ෂ සිය විරෝධය පළ කරනවා.

මහනුවර ප්‍රදේශයේ පෙරේදා පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස අයි.එස්. සංවිධානය සිටින බවට තමන් පිළිනොගන්නා බවයි.

ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ තේරිම්කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශ සිදුකිරීම, පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බවයි එහි සාමාජිකයෙකු වන ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියේ.

එමෙන්ම, මෙවැනි ප්‍රකාශයක් සිදුකළ හැක්කේ අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල සදහන් කළේ.

සිද්ධිය යටපත් කිරීමට මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් උත්සාහ දරන්නේ ද යන්න පිළිබදව අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කියා සිටියා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය පිළිබදව ඉතා ගැඹුරින් පරීක්ෂා කළ යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා සදහන් කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories