යාල්දේවියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් පස්දෙනෙකු මියයයි දෙදෙනෙකුට බරපතලයි

Tuesday, 25 June 2019 - 19:08

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චිය 55 හන්දියේදී යාල්දේවී දුම්රියේ ගැටී සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

අනතුරින් තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා මේ වනවිට කිලිනොච්චිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අද පස්වරු 1.45ට පමණ මෙම අනතුර සිදුවුණා. අදාළ ට්‍රක් රථය ජලය රැගෙන ඒම සඳහා කිලිනොච්චි නගරය දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී ට්‍රක් රථය තුළ යුද හමුදා සෙබළුන් හත්දෙනෙකු ගමන් කර තිබෙනවා.

සිදුවූ අනතුරින් යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු එම ස්ථානයේදීම මියගිය අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

කිලිනොච්චිය - මුරුකන්ඩි 55 හන්දියේ බෙල් ඇන්ඞ් ලයිට් ක්‍රමයට ක්‍රියාත්මක වන ආලෝක සංඥා පුවරුවක් පවතින අතර, අනතුර සිදුවන අවස්ථාවේ එය ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories