දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ තීරණයක්

Wednesday, 26 June 2019 - 11:30

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ.

මේ අනුව, විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමටයි තීරණය වී ඇත්තේ.

ඒ සඳහා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී ලබන සිකුරාදා උදෑසන 9ට විශේෂ වැඩසටහනක් ද සංවිධාන කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.

වැටුප් විෂමතාවක් මුල් කරගෙන දින දෙකක වැඩ වර්ජනයක් දුම්රිය වෘත්තීය සමිති විසින් සිදුකළ අතර, එය අවසන් කිරීමෙන් පසු ඔවුන් තීරණය කරනු ලැබුවේ සෑම බ්‍රහස්පතින්දාවකම මධ්‍යම රාත්‍රියේ සිට එක්දිනක වැඩවර්ජනයක් දියත් කිරීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories