ප්‍රංශයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට

Saturday, 29 June 2019 - 7:50

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
යුරෝපය පුරා පැතිරෙන උණුසුම් වා දහර හේතුවෙන් ප්‍රංශය මෙතෙක් වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඊයේ සටහන් කළා.

ඒ, ප්‍රංශයේ දකුණුදිග ගම්මානයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.9 දක්වා ඊයේ ඉහළ යාමත් සමඟයි.

ඒ අනුව ප්‍රංශයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන 2003 වසරේ සටහන් වූ සෙල්සියස් අංශක 44.1ක වාර්තාව බිද වැටෙනවා.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම උණුසුම් කාලගුණය නිසා ජීවිත අවදානමක් ද පවතින බවයි.

ඒ හේතුවෙන් උණුසුම සමනය කර ගැනීමට පොදු උද්‍යානවල ජල මල් සහ තටාක මහජනතාව සඳහා අඛණ්ඩව විවෘත කර ඇති බව වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories