ට්‍රම්ප්, කිම් ජොං අන් යළි හමුවේ

Sunday, 30 June 2019 - 12:31

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%82+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරියානු රාජ්‍යන් දෙක අතර  දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී අද උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසුණා.  

ඇමරිකානු නායකයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී විස්ස සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවයි.

ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණගැසීම සඳහා කළින් සැළසුම් කර නොතිබූ අතර, ඔහු හමුවීමේ සැළසුම් ප්‍රකාශයට පත් කළේ ට්විටර් පණිවුඩයක් මගින්.

පසුව ට්‍රම්ප් - කිම් ජොං අන් හමුව ධවල මන්දිරය සහ උතුරු කොරියාව මගින්ද සනාථ කළා.
 
එහිදී එකිනෙකාට අතිනත දී සුහදත්වය පළ කෙරුණු අතර, ඇමරිකානු ජනාධිපතිවරයා සුළු වේලාවකට දේශසීමාව තරණය කොට උතුරු කොරියානු භූමියට පිවිසීමද විශේෂත්වයක්.

පසුව දෙදෙනා සුහද පිළිසඳරක යෙදුනු අයුරු ලොව පුරා මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරුණා.

ඉන් අනතුරුව  ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් කර තිබෙනවා.

නායකයන් දෙදෙනා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පළමු සමුළුව සිංගප්පූරුවේ පැවැත්වූ අතර, වියට්නාමයේ පැවති දෙවන සමුළුව එකඟතාවකින් තොරව අවසන් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories