වැව්ගම් පුබුදුව කඩිනම් කෙරේ

Thursday, 11 July 2019 - 15:19

%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දිස්ත්‍රික්ක 7 ක කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව්ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වයෙන්.

පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මල්වතුඔය, මීඔය සහ යාන් ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව වැව්ගම් පුබුුදුව වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඉන් වැව් 140 ක සංවර්ධන කටයුතු මේ වනවිට නිම කර ඇති අතර ඒවා ලබන මාසයේ ජනතා අයිතියට පත්කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories