ඉඩමේ නිධානය කාන්තාවකට මරු කැඳවයි

Thursday, 11 July 2019 - 15:25

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නිධානයක් ලබා ගැනීමට අකමැති වීම හේතුවෙන් 62 හැවිරිදි සිව් දරු මවක් ඝාතතනය කළ පුවතක් මාතලේ - විල්ගමුව - පුස්සැල්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 4 වනදා සිට අතුරුදන්වී ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

පසුව, ලග්ගල - රඹුක්ඔලූව ප්‍රදේශයේ දැඩි ලෙස විකෘති වී තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති අතර එය මෙම කාන්තාව බවට අනාවරණ කරගෙන තිබෙනවා.

අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව පදිංචිව සිටි නිවසට පැමිණි පිරිසක් ඇය පදිංචි ඉඩමේ නිධානයක් ඇති බව පවසා එය ගොඩගැනීමට සහය දෙන ලෙස ඇයට බලපෑම් කර ඇති අතර, ඊට අකමැති වීම හේතුවෙන් මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories