වෛද්‍ය සාෆිගේ සියළු වත්කම් වාර්තාවක් දෙන්නැයි, තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝග

Friday, 12 July 2019 - 7:19

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන්ගේ සියළුම වත්කම් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කළා.

එමෙන්ම, පැලෝපීය නාලවලට රසායන ද්‍රව්‍යයක් ඇතුළු කර සිදුකරන එස්.එච්.ජී. පරීක්ෂණ තවදුරටත් අත්හිටුවීමටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.

එමෙන්ම, මව්වරුන් සිදුකර ඇති පැමිණිලිවලට අදාළව වඳභාවය ඇතිවන අන්දමේ කිසියම් ක්‍රියාවක් සිසේරියන් සැත්කම් අතරතුර සිදුකර ඇත්දැයි සොයා බැලීමට මෙන්ම එම පරීක්ෂණය සිදුකළ යුතු නිවැරදි ක්‍රමවේදය කුමක්දැයි නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි එහිදී නියෝග කෙරුණේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බවයි.

එම නිසා ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු පෙරේදා දිනයේ ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වෙනත් අංශයකට භාරදෙන ලෙසයි.

ඒ, එම දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා කරමින්.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories