2019 ක්‍රිකට් ලෝක කුසලානය සත්කාරක එංගලන්තයට

Monday, 15 July 2019 - 0:06

2019+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
පළමු වරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ නවසීලන්තය කණ්ඩායම පරාජය කරමින්.

නවසිලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නික්ලස් ලකුණු 55ක්ද, ටොම් ලේතම් ලකුණු 47ක්ද, නායක කෙන් විලියම්සන් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම හඹාගිය එංගලන්තය නියමිත පන්දුවාර  අවසානයේ ලකුණු 241ක් රැස් කර ලකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ලබාදීමට තීරණය කෙරුනා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලුකි ෆර්ගර්සන් සහ ජිමී නිෂම් කඩුළු 3 බැගින් බිඳහෙළුවා.

මැට් හෙන්රි, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා ලැබුනු සුපිරි පන්දු වාරයේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 15ක් රැස් කළා.

නවසීලන්ත කණ්ඩායමට ඒ අනුව සිය පන්දු වාරයේදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 16ක්.

කෙසේවෙතත් නවසීලන්තයට එම පන්දුවාරයේදී කඩුල්ලක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුනා.

තරගයේ වීරයා එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්.

තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සන්ට හිමිවුනා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories