වේයන්ගොඩදී යතුරුපැදියක් දුම්රියක ගැටී පියා සහ දියණිය මරුට

Monday, 15 July 2019 - 8:16

%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වේයන්ගොඩදී දුම්රියේ ගැටී පියා සහ දියණිය ජීවිතක්ෂයට

වේයන්ගොඩ - වඳුරව දුම්රිය හරස් මාර්ගයේදී සීග්‍රගාමී දුම්රියක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත් පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්වුණා.

ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ගැටී මොවුන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ අද උදෑසන 6.45 ට පමණයි.

අනතුරෙන් මියගිය පියාගේ වයස අවුරුදු 45ක් වන අතර දියණිය 11 හැවිරිදි වියෝ පසුවනවා.

ජාඇල - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය මුත්තණුවන්ගේ තුන්මාසේ දානමය පුන්‍ය කර්මය සඳහා සහභාගි වීම සඳහායි.

රද්දොළුගම ජාතික පාසලේ ඉගෙනුම ලබන මියගිය දැරිය සිය පියා සමඟ අද උදෑසන යතුරුපැදියෙන් වාර විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ තවත් අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පුත්තලම, අඹන්පොල සහ අක්කරායන්කුලම් යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්ලන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් 25 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ උඩංගාව ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු සහ එහි වම්පස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අඹන්පොල සහ ගල්ගමුව රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 සහ 48 යන වයස්වල පසුවන්නන්.

ඊට අමතරව අක්කරායන්කුලම් - යුනියන්කුලම් ප්‍රදේශයේදී පාපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.


  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories