පිටරටින් කුණු ගෙන එන, මහා පරිමාණ ජාවාරමක්

Monday, 15 July 2019 - 19:10

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යය වැනි සංවර්ධිත රටවල සිට පරිසරයට හානිකර අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට රේගු නිලධාරින් සමත්ව තිබෙනවා.

මෙරට පාරිසරික නීති ලිහිල් තත්ත්වයක තිබීම හේතුවෙන් ඇතැම් රටවල් මෙලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තෝරා ගන්නා බවටයි මේ වනවිට අනාවරණ වි ඇත්තේ.

කොළඹ වරායේ අන්තර්ජාතික බහාලුම් පර්යන්තයෙන් පසුගියදා පරිසරයට හානි කර අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 102 ක් සොයා ගැනීම තවමත් කතාබහට ලක්වන කරුණක්.

අදාළ බහාලුම් මාධ්‍ය හමුවේ පරීක්ෂා කිරීමට රේගු නිලධාරින් පසුගිය 8 වනදා කටයුතු යොදා තිබුණ ද එය සිදුනොවුණේ කොළඹ වරායේ අන්තර්ජාතික බහාලුම් පර්යන්තයේ ආරක්ෂක නිලධාරින් එම අවස්ථාව මාධ්‍යයට ආවරණය කිරීමට අවසර ලබානොදීම හේතුවෙන්.

මෙම බහාලුම් බ්‍රිතාන්‍යයේ සිට ගෙන්වා ඇත්තේ මෙරට ප්‍රබල සමාගමක් මගින් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුග්‍රහය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙරටට ගෙන්වන භාණ්ඩ රේගු පරීක්ෂාවකට ලක් නොකෙරෙන අතර, ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ද නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

මේ අතර, මෙම බහාලුම්වලට සමාන තවත් බහාලුම් තොගයක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමකට අයත් ප්‍රතිඅපනයන සැකසුම් මධ්‍යස්ථානයක ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය සඳහන් කළේ අදාළ ප්‍රතිඅපනයන සැකසුම් මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories