රන්ජන්ගේ ප්‍රකාශයට, අගමැතිගේ විරෝධය - ලිඛිතවත් කරුණු විමසයි

Monday, 15 July 2019 - 19:25

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+-+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
භික්ෂූන් වහන්සේට අපහාස වන අන්දමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් තමන් තරයේ ප්‍රතික්ෂේප බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එලඹෙන 21 වනදාට පෙර සිදු කළ ප්‍රකාශය සමබන්ධයෙන් පැහැදිලි කිරිමක් තමන්ට ලිඛිතව ලබා දෙන ලෙසටයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පළ කර ඇති අදහස් පක්ෂ නායකත්වයේ සහ පක්ෂයේ අදහස සමඟ පරස්පර බවද එම ලිපිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහුට දැනුම් දී තිබෙනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් නව සිංහලේ ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමයද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ළමාරක්ෂණ අධිකාරියට අද පැමිණිල්ලක් ගොනු කළා.

ඒ, අමාත්‍යවරයා විසින් සිදුකර ඇති බවට පැවසෙන අපචාර සිද්ධියක් සම්බන්ධයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories