තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 8 කින් ඉහළට

Tuesday, 16 July 2019 - 14:21

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන ලෙස තමන් වෙත දැනුම්දී ඇතැයි තිරිඟු පිටි බෙදාහරින නියෝජිතයින් සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ වනවිට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 98 කට පමණ අලෙවි වනවා.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට බේකරි හිමියන්ගේ සංගමයේ වගකිවයුත්තෙකු සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිපවරක් උත්සාහ කළත් ඔවුන් දුරකථනවලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මෙම පිිටිමිල වැඩිවීමත් සමඟ පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories