නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට පැහැදිළි කිරීමක්

Wednesday, 17 July 2019 - 14:28

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු පවතින බව දන්වමින් නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 11 වනදා කළ ඉල්ලීමකට අනුව නීතිපතිවරයා මෙම පැහැදිළි කිරීම සිදුකළ බවයි.

ඒ අනුව ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව සමන් දිසානායක සහ දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගෙන මේ මස 19 වන දිනට පෙර වාර්තා කරන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

එසේම ඔවුන් අත්අඩංගුවට ගැනීමට අදාළ සියලූ කරුණු සහ පරිවේෂණයන් නීිතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇති බවද සඳහන්.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම මගින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකළ බවට 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පසුගිය 5 වනදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක, යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල, නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩී.එම්.එස්.දමයන්ති ජයරත්න, ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී.ප්‍රේමචන්ද්‍ර සහ රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර එම පිරිසට අයත්.

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරයා රහස් පොලීසියට භාරවීමෙන් පසු පසුගිය 8 වනදා අත්අඩංගුවට ගත් අතර, අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එසේම ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනිම වලක්වාලන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.

එහිදී ඔහු කියා සිටියේ ගිනි අවි ආඥා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.

මීට පෙර මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක, පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩාර අධිකාරී සහ විශ්වජිත් නන්දන දියබලනගේ යන අය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමද නිශ්ප්‍රභ කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories